Type Here to Get Search Results !

Raayan (2024) With Sinhala & English Subtitle | රායන් [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Action
Adventure
Crime Film
Drama
Director Dhanush
Starring Dhanush
Dushara Vijayan
S. J. Suryah
Prakash Raj
Selvaraghavan
Sundeep Kishan
Kalidas Jayaram
Aparna Balamurali
Varalaxmi Sarathkumar
Saravanan
IMDb Rate 6.9/10
Production Sun Pictures
Distribute see below
Language Tamil
Release Date 2024/07/26
Run Time 145 min
Country India

   Trailer

   Storyline

කතාව ගැන කියන්න කලින් කියන්නම ඕනෙ කරුණු කීපයක් තියෙනවා.. ඒ තමයි මේ චිත්‍රපටය දනුෂ් විසින්ම ලියලා එයාම අධ්‍යක්ෂණය කරලා එයාම ප්‍රධාන චරිතය රඟ දක්වන සුපිරි චිත්‍රපටයක්.. මේ චිත්‍රපටය දනුෂ්ගෙ පනස්වල චිත්‍රපටය වගේම එයා අධ්‍යක්ෂණය කරපු දෙවන චිත්‍රපටයයි..

හරි ඒනම් අපි කතාව පැත්තට හැරෙමු.. උතුරු චෙන්නායිවල ක්ෂණික කෑම හෝටල් හිමිකරුවෙක් වන කතවරායන් (රායන්) එයාගෙ මල්ලිලා දෙන්නා වන මුතුවෙල්රායන් (මුතු) හා මානික්කවේල්රායන් (මානික්කම්) හා එයාගෙ නංගි දුර්ගා එක්ක ජීවත් වෙනවා.. පොඩි කාලෙ ඉදන්ම රායන් එයාගෙ මල්ලිලා දෙන්නවයි නංගිවයි රැකබලා ගත්තෙ එයාලගෙ දෙමාපියන් ආපහු නොඑන බව දැනගෙනයි.. මානික්කම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වන අතර මුතු මේඝලායිට ආදරය කරන මත්පැන්වලට ඇබ්බැහි උන කෙනෙක්..

දුරෙයි හා සේතුරාමන් කියන්නෙ සේතු ප්‍රදේශය ප්‍රතිවාදී මැර කල්ලි දෙකක් වන අතර දුරෙයි සේතුගෙ තාත්තව මැරුවට පස්සෙ දෙගොල්ල එකිනෙකා එක්ක ආරවුලක් ඇති කර ගත්තා.. මේ ප්‍රදේශයට අලුතින් පත් උන පොලිස් කොමසාරිස් වන ආර්. සර්ගුනම්ට ඕන වෙලා තියෙන්නෙ සේතු හා දුරෙයි අතර රණ්ඩුවක් ඇති කරලා උන් දෙගොල්ල මරා ගන්න සලස්වන්නයි.. දවසක් දුරෙයිගෙ පුතා බාර් එකක ඉන්නවා කියලා දැනගත් පොලිස් කොමසාරිස් ඔහුව මරන්න මැරයෙක් යවනවා.. ඒත් බාර් එකේ ඉන්න මුතූ ඔහු එක්ක රණ්ඩු වෙලා ඔහුව මරනවා.. දුරෙයි මුතූ ගැන සොයා බලා පැය 24ක් ඇතුළත මුතූව භාර දෙන්න කියලා රායන්ට කියනවා.. කොහොමහරි රායන්, මුතූ හා මානික්කම් දුරෙයිවයි එයාගෙ මැර කල්ලිය මරනවා.. මේ ගැන දැනගත් සේතුරාමන් රායන්ට ඔහුගෙ පැත්තට ගන්න හැදුවත් රායන් ඒකට අකමැති වෙනවා.. ඒ සිද්ධියෙන් පස්සෙ තමයි රායන් හා සේතුරාමන් අතර රණ්ඩුව පටන් ගන්නෙ.. රායන්ට සේතුරාමන්ට විරුද්ධව සටන් කරලා දිනන්න පුළුවන් වෙයිද? සටන කාගෙ මරණයෙන් කෙළවර වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල උපසිරස හා ටෙලිග්‍රෑම් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Tags

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe