
Info
Genres | Action Thriller Comedy |
Director | Sunil Aruna Weerasiri |
Starring | Jagath Chamila, Sheshadri Priyasad, Lucky Dias, Sriyani Amarasena, Duleeka Marapana, Niroshan Wijesinghe, Anjula Rajapaksa, Sujani Menaka |
IMDb Rate | 6/10 |
Production | Arunakanthi Films |
Distribute | Ridma circuit |
Language | Sinhala |
Release Date | 2024/01/05 |
Run Time | 115 min |
Country | Sri Lanka |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, රොජර්යි තිලිනියි ආදරේ කරනවා.. තිලිනි කියන්නෙ සල්ලිකාර පවුලක කෙල්ලෙක්.. රොජර් කියන්නෙ කෙල්ලොන්ට විහිලුවට ආදරේ කරලා අනාථ කරන රස්තියාදුකාරයෙක්.. තිලිනිට ආදරේ කරලා බදින්න බලන්නෙත් කෙල්ලගෙ දේපලවලටයි සල්ල්වලටයි.. තිලිනිගෙ අම්මට රොජර් ගැන ආරංචි වෙලා සම්බන්ධෙ නවත්තන්න කොච්චර හැදුවත් තිලිනි මුරණ්ඩුකමට කිසි දෙයක් අහන්නෑ.. තිලිනිගෙ තාත්තගෙ හොදම යාලුවෙක් වන ලෙනාඩ් ජයවර්ධන තිලිනිව මේ කරදරෙන් බේරගන්න පොරොන්දු වෙලා තිලිනිගෙ අම්මගෙන් අහනවා දන්න විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවද කියලා.. තිලිනිගෙ අම්මා එතකොට කියනවා ඉන්න විශ්වාසවන්ත එකම කෙනා එයාලගෙ ගෙදර ඩ්‍රයිවර් වන වීර්යා කියලා.. ඊට පස්සෙ කොහොමහරි ලෙනාඩ්, වීර්යා එක්ක එකතු වෙලා රොජර්ගෙන් තිලිනිව බේරගන්නවා.. දූව බේරලා දුන්න සතුටටම තිලිනිගෙ අම්මා වීර්යාට දූව බන්දලා දෙනවා.. හැබැයි තිලිනිනම් මේකට පොඩ්ඩක්වත් කැමති නෑ.. දැන්නම් කතාව ගැන කිව්වා ඇති වගේ.. සේරම Storyline එකට දැම්මොත් කතාවෙ බලන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නෑනේ.. තමන්ව පේන්නවත් බැරි කෙනෙක් එක්ක වීර්යා කොහොම ඉදියිද? රොජර්ගෙන් බේරගත්තා කිව්වට එච්චර ලේසියෙන් රොජර් ගේම අතාරියිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE